ආපදා කළමණාකරනය පිළිබද ජනාධිපති කමිටුව අදත් රැස් වේ
ආපදා කළමණාකරනය පිළිබද ජනාධිපති කමිටුව අද (10) දෙවන දිනටත් රැස්ව ඇත.
ජනාධිපතිවරයා විසින් එම කමිටුව පත්කර තිබෙනුයේ ආපදා හේතුවෙන් පීඩාවට පත් වුණ ජනතාවට සහන සැලසීම පිණිස ලබා දෙන විදෙස් ආධාර නිසි සම්බන්ධීකරණයකින් විපතට පත් ජනතාවට ලබා දීම සදහාය.
ඒ අනුව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සභාපතීත්වය දරණ එහි සාමාජිකයින් සංඛ්‍යාව 8 කි .
එහිදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කළේ මෙම ආධාර ලබාදීමේ වැඩපිලිවෙළ සම්බන්ධව මහජනතාව සහ තානාපති කාර්යාල දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.