යොවුන් ආසියානු කුසලාන එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Report

ඩුබායිහි පැවැත්වෙන 2025 යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ සංචිතය ඊයේ (09) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කෙරිණි.

ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමය සමන්විත මෙම කණ්ඩායම අද (10) දිවයිනෙන් පිටත්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා යෑමට නියමිතය.

සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරන විමත් දින්සරටය. විශේෂත්වය වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු මෙවර සංචිතයට ඇතුළත් වී තිබීමයි.

ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදින අතර, එම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් වන්නේ බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ නේපාලයයි. ‘ඒ’ කාණ්ඩයේ ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යොවුන් කණ්ඩායම් තරග වදිනු ඇත.

ලක්ෂ 3ක පිරිසක් මිය යයි.. - ජපානය පළමු මෙගා භූමිකම්පා අනතුරු ඇඟවීම ගැන අනාවැකියක්

ලක්ෂ 3ක පිරිසක් මිය යයි.. - ජපානය පළමු මෙගා භූමිකම්පා අනතුරු ඇඟවීම ගැන අනාවැකියක්

තරගාවලියේ ප්‍රථම තරගය දෙසැම්බර් 12 වැනිදා ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවැත්වේ.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රථම තරගය දෙසැම්බර් 13 වැනිදා නේපාලයට එරෙහිවය. ඊළඟට දෙසැම්බර් 15 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟත්, දෙසැම්බර් 17 වැනිදා බංග්ලාදේශය සමඟත් ඩුබායිහිදී මුහුණ දෙනු ඇත.

දිවා තරග ලෙස පැවැත්වෙන තරගාවලියේ සියලුම තරග ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10.30ට ආරම්භ වේ.

‘පොළොන්නරුවේ රාජ්‍ය නායකයා’ ටී.බී කට වරද්ද ගත්තද?

‘පොළොන්නරුවේ රාජ්‍ය නායකයා’ ටී.බී කට වරද්ද ගත්තද?

ශ්‍රී ලංකා යොවුන් සංචිතය :  

විමත් දින්සර (නායක) - කොළඹ රාජකීය විද්‍යාලය, කවිජ ගමගේ (උපනායක) - කිංග්ස්වුඩ් විද්‍යාලය - මහනුවර, දීමන්ත මහවිතාන - ත්‍රිත්ව විද්‍යාලය- මහනුවර,  විරාන් චමුදිත - ශාන්ත සර්වේශස් විද්‍යාලය-මාතර , දුල්නිත් සිගේරා – මහානාම විද්‍යාලය - කොළඹ,    චාමික හීනටිගල – මහානාම විද්‍යාලය -කොළඹ,  ඇඩම් හිල්මි - ත්‍රිත්ව විද්‍යාලය - මහනුවර, චමරිඳු නෙත්සර - ශාන්ත සර්වේශස් විද්‍යාලය - මාතර, කිත්ම විදානපතිරණ - කොළඹ ආනන්ද විද්‍යාලය,  සෙත්මික සෙනෙවිරත්න - ත්‍රිත්ව විද්‍යාලය- මහනුවර,  සනුජ නින්දුවර - ශාන්ත ආනා විද්‍යාලය - කුරුණෑගල, කුගදාස් මාතුලන් - ශාන්ත ජෝන් විද්‍යාලය - යාපනය, රසිත් නිම්සර – ලයිසියම් ජාත්‍යන්තර පාසල - වත්තල, විග්නේෂ්වරන් ආකාෂ් – හාට්ලි විද්‍යාලය - යාපනය, තරුෂ නවෝද්‍ය - සහිරා විද්‍යාලය, කොළඹ