මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීමට රජය කරන කැපවීම ගැන නි.ඇමති සුනිල් කියයි
මත්ද්‍රව්‍ය උවදුර ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සදහා රජය දැඩි කැපවීමෙන් කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සදහන් කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මේ බව සදහන් කළේ කොළඹ දී පැවති මත්ද්‍රව්‍ය ආශ්‍රිත අධ්‍යයනය පිළිබද තුන්වන ජාත්‍යන්තර සමුළුව අමතමනි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න / ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති ආචාර්ය ඉන්දික වන්නිනායක යන මහත්වරුන් ඇතුලු විද්වතුන් පිරිසක් සමුළුවට සහභාගී වී තිබේ.
ඒ අනුව සමුළුවේ තේමාව වූයේ නැගී එන මත්ද්‍රව්‍ය අභියෝගවලට සමස්ත සමාජයේම ප්‍රතිචාරයක් ප්‍රවර්ධනය කිරීම සාධාරණ ආයෝජනයක් සහ ප්‍රතිපත්තියෙන් ජනතාව වෙත ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීම වේ.