හෙට ක්‍රියාත්මක මේ දේ ගැන ඔබ දැනුවත් ද?.
By krishani
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ සිය වෘත්තීය ගැටලුවලට විසදුම් ලබාදීමට රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමටයි.
ඒ අනුව රජයේ විධායක නිලධාරීන් හෙට (29) දිනයේ දී අසනීප නිවාඩු වාර්තා කරන බව එම සංගමය සඳහන් කළේ ය.
රජයේ විධායක නිලධාරීන්ට බලපා ඇති වැටුප් විෂමතාව හා තෝරාගත් ක්ෂේත්රයන්ට පමණක් වැටුප් හා දීමනා ලබාදීමට ක්‍රියා කිරීම හේතුවෙන් ඇති වන අසාධාරණය යන කරුණු මුල් කර ගනිමින් මෙම සංගමය මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත.
මේ අතර හෙට (29) දිනයේ දීම කොළඹ දී විරෝධතා රැස්වීමක් ද පැවැත්වීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.
Sponsored By Sarrita Jewellery
