සනත් නිශාන්තගේ මල්ලිට අවුරුදු 5කට සිර දඬුවම් - ප්‍රාදේශීය ලේකම්ට අයියා මලෝ වටකරන් ගැහුවට දඬුවම මෙන්න

By Ashfa May 15, 2026 07:35 AM GMT
Report

අද (15) දින හලාවත මහාධිකරණය විසින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ අරච්චිකට්ටුව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට වසර 5 හමාරක සිර දඬුවමක් නියම කර ඇත.

වැඩිදුරටත් හලාවත මහාධිකරණය විසින් පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසද එම ලක්ෂ 10 නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිරදඬුවමක්ද නියම කර ඇත.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ සොහොයුරාට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

ලංකාවම තවත් මැතිවරණයකට සූදානම් වෙන්න - ඇමතිගෙන් මැතිවරණ ඉගියක්

ලංකාවම තවත් මැතිවරණයකට සූදානම් වෙන්න - ඇමතිගෙන් මැතිවරණ ඉගියක්

කෙසේ වෙතත්, සනත් නිශාන්ත මහතා 2024 ජනවාරි 25 වනදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වීම හේතුවෙන්, අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ඔහුගේ සොහොයුරා පමණි.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ, සාක්ෂි සහ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ. 

විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් දැනුම්දීමක් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සුභ ආරංචියක් එළියට

විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් දැනුම්දීමක් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සුභ ආරංචියක් එළියට