හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස්ට කොන්දේසි සහිතව නිදහස්
පැරිස් අභියාචනාධිකරණය විසින් සිරදඬුවම් ලබමින් සිටි හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසිව කොන්දේසි කිහිපයකට යටත්ව බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට නියෝග කර ඇත.
ඒ අනුව, ඔහු අද (10) සඳුදා බන්ධනාගාරයෙන් පිටව යාමට නියමිතය.
කෙසේ වෙතත්, සාකෝසිට ප්‍රංශ භූමියෙන් පිටවීම තහනම් කර ඇති අතර, අධිකරණ අධීක්ෂණය යටතේ තැබෙනු ඇත. නඩුවේ සම-විත්තිකරුවන්, සාක්ෂිකරුවන් ඇතුළු ප්‍රධාන පුද්ගලයින් සමඟ ගනුදෙනු කිරීමද සපුරා තහනම් බව අධිකරණය නියම කර ඇත.
සැප්තැම්බර් 25 වැනිදා වරදකරු කෙරුණු ඔහුට වසර 5ක සිර දඬුවමක් නියම වූ අතර, 2007 ජනාධිපතිවරණ ව්‍යාපාරයට ලිබියානු හිටපු නායක මුවම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීතිවිරෝධී මුදල් ලබාගත් බවට චෝදනා එල්ල විය.
බන්ධනාගාරයේ සිට වීඩියෝ සම්මන්ත්‍රණය හරහා අධිකරණය හමුවේ කතා කළ සාකෝසි පැවසුවේ,
“මම කවදාවත් හිතුවේ නැහැ මට අවුරුදු 70දී හිරේ යන්න වෙයි කියලා. ඒක හරිම අමාරුයි. මම නොකළ දෙයක් කවදාවත් පිළිගන්නේ නැහැ.”
ඔහු ගඩාෆිගෙන් කිසිදු මූල්‍යකරණයක් ඉල්ලා නොසිටි බවත් තරයේ ප්‍රතික්ෂේප කළේය.
යුරෝපා සංගම් රටක හිටපු රාජ්‍ය නායකයෙකුට සිර දඬුවම් නියම වූ පළමු අවස්ථාව මෙය වන අතර, ප්‍රංශයේදී සිර දඬුවම් ලැබූ පළමු හිටපු ජනාධිපති ලෙස සාකෝසි ඉතිහාසගත වෙයි.
වයස 70ක් වූ ඔහු 2007 සිට 2012 දක්වා ප්‍රංශ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.