කොළඹ ප්‍රසිද්ධ පාසලක් ගාවගෙන මව්පියන්ගෙන් අල්ලස් ගත්ත විශ්‍රාමික නාවික සෙබලාට ඇප

Report

කොළඹ විශාඛා විද්‍යාලයේ පළමුවෙනි ශ්‍රේණියට දැරියක් ඇතුලු කිරීම වෙනුවෙන් එම දැරියගේ මවුපියන්ගෙන් රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ඉල්ලා ලබා ගත් බව පවසන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි නාවික හමුදා විශ්‍රාමික සෙබලා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(10) දින නියෝග කර ඇත.

ඒ අනුව සැකකරු ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන මෙන්ද නියෝග ක‍ර තිබෙනවා. එමෙන්ම සිද්ධියට අඳාළ සැකකරු බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස නියෝග කර ඇත.

ඒ අනුව මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියකු බව කියන රුවන් චාමින්ද සොයිසා නම් අයෙක්.

මෙම සිද්ධියට අඳාළව කරුණු දක්වමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ කොළඹ විශාඛා විද්‍යාලයට දැරියක ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු කරදීමට එම දැරියගේ දෙමව්පියන්ගෙන් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා තිබෙන බවයි.

සජබෙ ලොක්කියකුයි ශ්‍රී.ල.නි.ප ලොක්කෙකුයි අත්අඩංගුවට - හේතුව මෙන්න

සජබෙ ලොක්කියකුයි ශ්‍රී.ල.නි.ප ලොක්කෙකුයි අත්අඩංගුවට - හේතුව මෙන්න

එමෙන්ම විමර්ශන නිලධාරීන් අධිකරණයට පැවසුවේ සිද්ධියට අඳාළව එම පැමිණිලිකරුවන් විසින් ලක්‍ෂයක මුදලක් මුල් අවස්ථාවේදී මෙම සැකකරුට ලබා දී ඇති බවත් දෙවෙනි අවස්ථාවේ ලක්ෂ දෙකක මුදල ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය (14) දින නාරාහෙන්පිට ප්‍රදේශයේදී මෙම ගනුදෙනුව සිදුකරන විටදී අල්ලස් කොමිසම මඟින් උපාය දූතයකු යොදවා කරන ලද වැටලීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරයට සඳහන් කර ඇත.

එමෙන්ම සැකකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ ඇන්ටන් සේනානායක අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ සම තේවාදායකයා අල්ලස් ලබා ගැනීමක් සිදු කර නොමැති බැවින් සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසයි.

එසේ වුවත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිද්ධියට අඳාළ තවදුරටත් විමර්ශන කටයුතු සිදුකිරීමට තිබෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අඳාළව සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

සමාජ මාධ්‍ය කළඹපූ සිගිති පාතාලේ වීඩියෝව ගැන පොලිස් විමර්ශන

සමාජ මාධ්‍ය කළඹපූ සිගිති පාතාලේ වීඩියෝව ගැන පොලිස් විමර්ශන

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්