‘වියත්පුරෙන්’ අඩුවට ගෙවල් ගත්තු හිටපු මැති ඇමැති ලැයිස්තුව මෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේදී ලබා දී ඇති සහනදායී ක්‍රමවේදය වහාම අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය මෑතකදී අනුමැතිය ලබා දී ඇත.
2022 මැයි 09 වැනිදා රට තුළ ඇති වූ කලබලකාරී තත්ත්වයන් හේතුවෙන් නිවාස අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ඒකක 101ක් කුලී පදනම මත එක් වසරක කාලයක් සඳහා ලබා දීමට 2022 ජූලි 04 වැනිදා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේය.
ඉන් පසුව, එම නිවාස සහනදායී ක්‍රමවේදයක් යටතේ මිලදී ගැනීමට ඔවුන් ඉල්ලීමක් ඉදිරිපත් කළ අතර, ඒ අනුව සාමාන්‍ය ජනතාවට රුපියල් මිලියන 15.5 සිට 22 දක්වා වන මිලකට විකුණනු ලබන නිවාස ඒකක මන්ත්‍රීවරුන් සඳහා රුපියල් මිලියන 13.34 සිට 18.21 දක්වා අඩු කර ලබා දීමට අනුමැතිය හිමි විය.
එම සහනදායී ක්‍රමවේදය යටතේ නිවාස මිලදී ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනකු 2024 දෙසැම්බර් 31 වන දින වන විට විකුණුම් මිලෙන් 25%ක මුල් තැන්පතුවක් ගෙවා තිබූ බව රජය සඳහන් කරයි. මෙම සහන අහෝසි වීමෙන් ඔවුන්ට සාමාන්‍ය මිලටම නිවාස මිලදී ගැනීමට සිදු වනු ඇත.
වියත්පුර නිවාස ව්‍යාපෘතිය යටතේ මූලික තැන්පතුව ගෙවා තිබූ හිටපු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව පහත දැක්වේ
(රජයේ වාර්තා අනුව සහ මාධ්‍ය වාර්තාවලින් ලබාගත් තොරතුරු මත පදනම්ව):
- ප්‍රේමනාත් සී දොලවත්ත
- සුමිත් උඩුකුඹුර
- සහන් ප්‍රදීප් විතාන
- චින්තක මායාදුන්න
- මිලාන් ජයතිලක
- අශෝක ප්‍රියන්ත
- ලලිත් වර්ණ කුමාර
- ජානක තිසකුට්ටි ආරච්චි
- අජිත් රාජපක්ෂ
- බණ්ඩාර හේරත්
- එස්. එම්. එම්. මුෂාරෆ්
- කුමාරසිරි රත්නායක
- පී. ඒ. කේ. අතුකෝරළ
- එස්. ඒ සේමසිංහ
- නිමල් පියතිස්ස
- ගාමිණී වලේල්බොඩ
- මොහොමඩ් මුසම්මිල්
- එස්. එම්. චන්ද්‍රසේන
- අසංක නවරත්න
- ගාමිණී ලොකුගේ
- මහින්ද යාපා අබේවර්ධන
- පියල් නිශාන්ත
- ඩී. වීරසිංහ
- ශාන්ත බණ්ඩාර
- අරුන්දික ප්‍රනාන්දු
- ප්‍රසන්න රණතුංග
- අලි සබ්රි රහීම්
- සම්පත් අතුකෝරල