නේපාලේ වුණා වගේ මාලිමාවටත් වෙයි ඔයාලගේ ජනාධිපති, අගමැති, ඇමති සෙට් එක පරිස්සම් කරගන්න
අදදින රැස්වූ පාර්ලිමේන්තුවේදී මන්ත්රී දයාසිරි ජයසේකර මහතා මැති ඇමතිවරුන්ගේ වාහන භාවිතය හා ජනපතිවරුන්ගේ වරප්රසාද අහිමි කිරීමට අදාල කරුණු පිළිබදව විවාද කල අවස්තාවේ රටේ ජනපති සහ ආණ්ඩුව වෛරී සහගත ලෙස හැසිරෙන බව පවසමින් පාර්ලිමේන්තුවේ දී සංවේදී වූ අතර ඔහු පවසා සිටියේ,
"මම පිලිගන්නවා සමහර නායකයන් තමන්ගේ ගෙවල් දොරවල් හදාගන්න විශාල වියදමක් ආණ්ඩුව යොදාගෙන කරා. හැබැයි තමුන්නාන්සේලා මතක තියාගන්න අද නේපාලේ ඊයේ අපි දැක්කා නේපාලේ අග්රාමාත්යගේ නෝනා පුච්චලා මැරුවා.පෙන්නන්නේ මොකක්ද ඉස්සෙල්ලම.
ලංකාවේ ජනාධිපති මන්ධිරය අල්ල ගත්ත එක තමයි පෙන්නන්නේ ඉස්සෙල්ලම.ඒකේ නටපු නාඩගම් ටික පෙන්නන්නේ.අර පූල් එකේ නටපුවා ජනාධිපතිගේ ඇදේ බුදියගත්ත එව්වා පිනුම් ගහපු එව්වා. එහෙම රංචුවටක පුලුවන් මේ රට එහෙම විනාශ කරන්න.එහෙම විනාශ කරන්න හැදුවා මේ පාර්ලිමේන්තුවත්."
"කට්ටියට එකතු වෙන්න එන්න කිව්වා පාර්ලිමේන්තුව අල්ලන්න යන්න.ලාල් කාන්ත මැතිතුමාලා ඇවිල්ලා පොල්දූව හන්දියේ.එදා පැන්නනම් මේක ඇතුලට තමුන්නාන්සේලා හිතනවද කොන්ට්රෝල් එකක් තියෙයි කියලා.නෑ.එයාලා මේකෙ නටලා කරන්න තියෙන සෙල්ලම් ඔක්කොම කරලා කතානායක පුටුව අනිත් පැත්ත හරවලා ඒක උඩ ඉදගෙන සෙල්ලම් කරලා යයි.සමහර විට ගිනි තියන්නත් පුලුවන්.
අපි දන්නෑ. ඒ තරම් වෛරයක් තිබුණා ඒ වෙලේ මිනිස්සුන්ට.හැබැයි මොකක්ද කරේ.රනිල් වික්රමසිංහ මහත්තයා මේ හදිසි නීතිය දාලා හමුදාව දාලා නැවැත්තුවේ නැත්නම් අද මෙහෙම අපිට පාර්ලිමේන්තුවේ ඉදන් කතා කරන්න වෙන්නෑ.මේකයි සිද්ධ වුනේ.අද නේපාලේ මේක වෙලා තියෙන්නේ."
"මේක බංගලාදේශේ පටන් ගත්තා.ඒ වගේ තමුන්නාන්සේලා මේ රටට කරපු දෙයක් නෑ.එක්කෙනෙක් හිරේ දානවා.අරයව දානවා.හෙට අරයා යනවා කියනවා.හතර දෙනෙක් හිරේ දානවා.ඒ මිනිස්සු සති දෙකකින් එලියට එනවා.තව හතරක් දානවා.තමුන්නාන්සේලා එක එක මිනිස්සු හිරේ දාලා සන්තෝස වෙලා ෆේස්බුක් වල ගහනවා.
එයා හොරා මෙයා හොරා කියලා. හැබැයි මතක තියාගන්න මේ රටේ දවසක් එනවා මේ රටේ හැරිලා ඔයාලට ගහන දවසක්.එදාට ඉස්සෙල්ම බේරගන්න තියෙන්නේ තමුන්නාන්සේලාගේ ජනාධිපතිවයි අගමැතිවයි ඇමතිවරු ටිකයි.අපිට ප්රශ්නයක් නෑ.අපි කොහොමත් ඕන වැඩේකට සූදානම්. මිනිස්සු නැගිටින දවස වැඩි ඈතක නෙමෙයි.එදාට තමුන්නාන්සේලාට අර නේපාලේ වුණා වගේ බලාගෙන ඉන්න දවසක් එයි."