ලොක්කෙක්ගේ අපරාධවලට උදව් කරපු හයක් CID අත්අඩංගුවට?

Report

පසුගිය කාල සීමාවේදී නැගෙනහිර පළාතේ සිදු වූ විවිධ පැහැරගැනීම්, අතුරුදන් කිරීම් සහ වෙඩිතැබීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ යටතේ සේවය කළ බවට සැක කෙරෙන පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

මේ වන විට චෝදනා ලැබ අත්අඩංගුවේ පසුවෙන පිල්ලෙයාන්ගෙන් සහ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් හෙවත් ‘ඉනියභාරතී’ ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙම කණ්ඩායම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

එලෙස අනාවරණය වූ තොරතුරු මත පසුගිය සතියේ මඩකලපුව සහ කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශවලදී අදාළ සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, පිල්ලෙයාන් විසින් 2007-2008 කාලය තුළ මෙහෙයවන ලද සන්නද්ධ කණ්ඩායමක් මගින් මඩකලපුව දිස්ත්‍රික්කයේ සහ නැගෙනහිර පළාතේ දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් ඝාතනය කිරීම්, පැහැරගෙන යෑම් සහ අතුරුදන් කිරීම් රැසක් සිදු කර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

එම නිසා එම දූෂණ විරෝධී කටයුතු සිදු කෙරු එම පුද්ගලයන් හය දෙනා ඉතා කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වන බව සඳහන්.

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්