හිටපු ඇමති අකිලගේ පෞද්ගලික ඉන්ධන පිරවුම්හලේ සේවය කල රජයේ සේවකයා යළි රිමාන්ඩ්

Report

හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කාර්යාලයේ කළමනාකරණ සහකාරවරයෙකු ලෙස රජයේ සේවයට බැඳී, හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට අයත් පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක සේවය කරමින් රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා ලැබූ සැකකරු ලබන අගෝස්තු 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා අද (12) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන දීපාල් සංජීව රත්නායක නමැති සැකකරුය.

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

සැකකරුට ඇප ලබාදුන්නොත් දැනට සිදුවෙමින් පවතින විමර්ශනවලට මෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම නඩුවට පාදක වූ සිද්ධිය 2022-2024 කාලපරිච්ඡේදයට අදාළ වුවද, සැකකාර පාර්ශ්වය විසින් විත්ති වාසිය සඳහා අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි ලේඛන 2026 වසරේදී සකස් කර ඇති බවට පැමිණිලි පාර්ශ්වය කරුණු අනාවරණය කර ඇති බවයි.

මුළු යාල වනයම කැලඹේ - දඩයම්කරුවන් සහ වනජීවී නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් පිරිසක් රෝහලට

මුළු යාල වනයම කැලඹේ - දඩයම්කරුවන් සහ වනජීවී නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් පිරිසක් රෝහලට