දිළිඳු ගොවියන්ගේ බදු මුදල්වලින් දේශපාලන වාසි අරන් - හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේනගේ නඩුව යළි කැඳවයි

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස්.එම්. චන්ද්‍රසේන මහතාට එරෙහි නඩුව අගෝස්තු 28 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (12) නියෝග කළේය.

නඩුව අද කැඳවූ අවස්ථාවේදී, සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර අගෝස්තු 28 වැනිදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ද නියෝග කළේය.

අටමස්ථානයම කැළඹෙන නියෝගයක් - DNA පරීක්ෂණයකට රුධිර සාම්පල දෙන්න පල්ලේගම හේමරතන හිමිට නියෝග

අටමස්ථානයම කැළඹෙන නියෝගයක් - DNA පරීක්ෂණයකට රුධිර සාම්පල දෙන්න පල්ලේගම හේමරතන හිමිට නියෝග

මෙම නඩුවට අදාළ චෝදනාව වන්නේ 2014 වර්ෂයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායී මිලකට බෙදාදීම සඳහා රජය විසින් රුපියල් මිලියන 25ක වියදමින් ආනයනය කළ බීජ බඩඉරිඟු තොගයක්, 2015 ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් තම දේශපාලන හිතවතුන් මඟින් බෙදාහැරීමට කටයුතු කර රජයට පාඩුවක් සිදු කළ බවට වන චෝදනාවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එස්.එම්. චන්ද්‍රසේන මහතා පසුගිය ජූලි 4 වැනිදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව ඔහු ඇප මත මුදාහැර තිබිණි. 

නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු 28 වැනිදා සිදුකිරීමට නියමිතය.

 

ලංකාවේ ගුවන්තොටුපළ හොල්ලමින් බොලිවුඩ් සුපිරි තරු 3ක් එකවරම මෙරටට එයි

ලංකාවේ ගුවන්තොටුපළ හොල්ලමින් බොලිවුඩ් සුපිරි තරු 3ක් එකවරම මෙරටට එයි