ලොවක් සලිත කළ මාරක වයිරසය ව්‍යාප්ත වූ නෞකාවේ සිටි සියලුම ආසාදිතයන් උඩු ගුවනින් නෙදර්ලන්තයට - වහා නිරෝධායනය කරයි

Report

‘හැන්ටා’ වයිරස ව්‍යාප්තියක් සිදුවුණු ‘එම්.එස්. හොන්ඩියුස්’ නමැති මගී නෞකාවේ සිටි සියලුම ආසාදිතයන්, සංචාරක මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කැනේරි දූපත්වල සිට කුඩා ගුවන් යානා දෙකක් මගින් නෙදර්ලන්තයට රැගෙන ආ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව නෙදර්ලන්ත විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ගුවන් යානා දෙකෙන් රැගෙන ආ මගීන් ගණන 6 ක් බවත් කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන 19 ක් බවත් ය.

එම පිරිස කඩිනමින් නිරෝධායනයට යොමු කෙරුණු බවත්, වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන්ට ලබා දෙන බවත් එහි සඳහන්.

තත්ත්වය නරක අතට - සාගරය මැද ඇරඹුණු මාරාන්තික වෛරසය - නිරෝධායන මධ්‍යස්ථාන මැද කොරෝනෝ පාර්ට් 2 සූදානම්?

තත්ත්වය නරක අතට - සාගරය මැද ඇරඹුණු මාරාන්තික වෛරසය - නිරෝධායන මධ්‍යස්ථාන මැද කොරෝනෝ පාර්ට් 2 සූදානම්?

මේ අතර අඳාළ මගීන් අතරේ ඕස්ට්‍රේලියානුවන් සිවු දෙනෙක්, නවසීලන්ත ජාතිකයෙක් සහ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන බ්‍රිතාන්‍ය ජාතිකයකු සිටින බව වාර්තා වේ.

එමෙන්ම මොවුන් සියලු දෙනා නිරෝධායනයට ඉන්ඩ්හොවන් හමුදා කඳවුරට රැගෙන ගිය බව පවසයි.

‘එම්.එස්. හොන්ඩියුස්’ නෞකාවේ වයිරසය පැතිරීම ආරම්භ වූයේ එය ආජන්ටිනාවෙන් මූදු ගමන ආරම්භ කිරිමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් වයිරස ආසාදිතයන් වශයෙන් පළමුවෙන්ම හඳුනාගත්තේ නෙදර්ලන්ත ජාතික යුවලක් බවත් ඔවුන් දෙදෙනාම වයිරසය උත්සන්න වී, ස්වසන අපහසුතා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මහ වැස්සෙන් මාරාන්තික රෝගයක් ඉහළට - අධි අවදානම් කලාප 42 ක් හඳුන ගද්දි කොළඹ රෝගීන් 5000 ඉක්මවයි

මහ වැස්සෙන් මාරාන්තික රෝගයක් ඉහළට - අධි අවදානම් කලාප 42 ක් හඳුන ගද්දි කොළඹ රෝගීන් 5000 ඉක්මවයි

අනතුරුව ජර්මන් ජාතිකයකු ද වයිරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව ඇත. හන්ටා යනු මීහයන්ගේ මළ මුත්‍රවලින් මනුෂ්‍යයන්ට බෝවන වයිරසයක් බවත් ඒ සඳහා ප්‍රතිකර්මයක් නොමැති බවත් සඳහන්.

මෙම නෞකාවේ ව්‍යාප්ත වී ගියේ හන්ටා අන්දීස් නමැති ප්‍රභේදය වූ අතර මෙය මනුෂ්‍යයන් අතරේ පැතිරෙන මාරක වයිරස ප්‍රභේදයක් බව පවසයි. එබැවින් මෙම වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි විමසිල්ලෙන් පසුවන බව සඳහන්.

ඊසාන දෙසින් රට ළඟම තියෙන අඩුපීඩන කලාපයෙන් මුහුද කැළඹෙයි - ඉදිරි දින ගැන දිවයිනටම අනතුරු ඇඟවීමක්

ඊසාන දෙසින් රට ළඟම තියෙන අඩුපීඩන කලාපයෙන් මුහුද කැළඹෙයි - ඉදිරි දින ගැන දිවයිනටම අනතුරු ඇඟවීමක්