වතු හාම්පුතුන් වතු කම්කරු පඩි වැඩි කරන සාකච්ඡාවෙන් කට්ටි පනී

Report

වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඊයේ  (17) නාරාහේන්පිට  කම්කරු මහලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට වතු හාම්පුතුන් සහභාගි නොවීම හේතුවෙන් එය කල් දැමීමට සිදු විය.

ඒ ආකාරයෙන් සාකච්ඡා මඟහැරීම රටේ නීතියට ගරු නොකිරීමක් බව වතු කම්කරු වෘත්තීය සමිති චෝදනා කරයි.

පසුගිය අයවැයෙන් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමට සමගාමීව වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ නැංවීමට ද තීරණය විය.

රජය විසින් තීරණය කළේ රුපියල් 1,350ක්ව පැවති වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහල නැංවීමටයි. 

වතු කම්කරුවන්ගේ වැටුප් ගැන හදිස්සියෙන්ම විශේෂ සාකච්ඡාවක්

වතු කම්කරුවන්ගේ වැටුප් ගැන හදිස්සියෙන්ම විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගිය 14 වැනිදා වතු කම්කරු ජනතාවට ජීවත්වීමට සරිලන වැටුපක් ගෙවා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අවශ්‍යතාව සාකච්ජාවේදී අවධාරණය කර දක්වා තිබේ. 

එවන් තත්වයක් තුළදී මෙලෙස වතු හාම්පුතුන් කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ජාව  මග හරිමින් සිටින බවට වතු කම්කරු වෘත්තීය සමිති දැඩි ලෙස චෝදනා කරයි.

වතු කම්කරු වැටුප රු.1700 දක්වා වැඩි කිරීමේ තීරණය ගැන ඉඟියක්

වතු කම්කරු වැටුප රු.1700 දක්වා වැඩි කිරීමේ තීරණය ගැන ඉඟියක්

ප්‍රකාශයක් සදහා නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස පොලීසියට

ප්‍රකාශයක් සදහා නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස පොලීසියට