රියදුරන්ට විශේෂ නිවේදනයක් දැන්ම කියවන්න

Report

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ කාවඩි පෙරහර හෙට දින (07) සවස 04.00 සිට රාත්‍රී 09.00 දක්වා හා අවසන් රන්දෝලි පෙරහර අනිද්දා දින (08) සවස 04.00 සිට රාත්‍රී 09.00 දක්වා වීථී සංචාරය කිරීමට ඇත.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර ගමන් ගන්නා කාලය තුළ කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය වසා තැබෙන බැවින් මෙම කාලය තුළ මෙම මාර්ගය භාවිතා කරන රථ වාහන රියදුරන් හට ඇති වන අපහසුතාවය අවම කිරීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය එම රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

විකල්ප මාර්ග

• මාතර දෙස සිට තංගල්ල දෙසට ගමන් කරන රථ වාහන මැද්දවත්ත කාර්මික විද්‍යාලය අසලින් මාතර යටියන මාර්ගයට හරවා කැකණදුර හන්දියෙන් වේහැල්ල මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා ගමන් කළ හැකිය.

ඔයාලත් ලොතරැයි ගන්නවද? ලොතරැයි ගැන තිත්ත ඇත්තක් පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

ඔයාලත් ලොතරැයි ගන්නවද? ලොතරැයි ගැන තිත්ත ඇත්තක් පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

• තංගල්ල දෙස සිට මාතර දෙසට ගමන් කරන රථ වාහන තලල්ල කාර්මික විද්‍යාලය අසලින් හරවා නාඔටුන්න මාර්ගය ඔස්සේ වියන්නරුව හන්දිය දක්වා ගොස් දික්වැල්ල වේහැල්ල මාර්ගය ඔස්සේ කැකණදුර හන්දියට පැමිණ කැකණදුර මාතර පාර ඔස්සේ මාතර දක්වා ගමන් කළ හැකිය.