හම්බන්තොට දේශපාලන ප්‍රභලයෙකු අත්අඩංගුවට..
බම්බලපිටියේදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බම්බලපිටිය කොතලාවල මාවතේ ඉඩමකට ඇතුළු වී ආරක්ෂක භටයින් දෙදෙනෙකුට පහර දුන් බව කියන හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මීට පෙර පරීක්ෂණ ආරම්භ කළා.
එරාජ් ප්‍රනාන්දුගේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර එම ස්ථානයට තම කාරයෙන් තනිව ගිය එරාජ් ප්‍රනාන්දු අඟහරුවාදා රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.
එම ස්ථානයේ සිටි ආරක්‍ෂක නිලධාරියෙකු සඳහන් කළේ කිසිදු හේතුවක් නොදක්වා එරාජ් ප්‍රනාන්දු පැමිණ ඔහු සමඟ සිටි අනෙක් ආරක්ෂක නිලධාරියාට වචනයෙන් අපහාස කර පහර දුන් බවයි.
ඒ අනුව එරාජ් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවනු ලැබුවා.
හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට මීට පෙර හම්බන්තොට මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරනු ලැබුවේ 2014 වසරේ අප්‍රේල් 17වනදායි.
ඒ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියදී ගල්මුල් වලින් පහරදීම සහ සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම සම්බන්ධයෙන්.
කෙසේ වෙතත් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇප මත මුදා හැරුණේ ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් සළකා බැලීමෙන් අනතුරුවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |