දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ග⁣ලයා අත්අඩංගුවට - නිවසේ උපකරණ රැසක්

Report

කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර අද (2026 මැයි 16) උදෑසන සිදුවූ දුම්රිය පීලි පැනීමේ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් උපකරණ කිහිපයක් සොයා ගැනීමට පෑලියගොඩ පොලීසිය සමත්ව තිබේ.

පොලිස් කණ්ඩායම් විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුගේ නිවස තුළ සඟවා තිබූ දුම්රියේ පීලි මාරු කිරීම සඳහා යොදාගන්නා වටිනා යකඩ ලිවර් 3ක් (Iron Levers) සහ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවීම සඳහා භාවිත කළ විශේෂ උපකරණ රැසක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.

මෙලෙස දුම්රිය මාර්ගයේ කොටස් සොරාගෙන විනාශකාරී ලෙස අනතුරක් සිදුකිරීමේ චෝදනාවට අත්අඩංගුවට පත්ව ඇත්තේ වනවාසල ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූ තරුණයෙකි.

පෑලියගොඩ මූලස්ථාන පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක මංගල අජිත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සිදුවීමට සම්බන්ධ අනෙක් සැකකරුවන් සහ මෙලෙස සොරාගන්නා යකඩ භාණ්ඩ මිලදී ගන්නා ස්ථාන සොයා මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කැලණිය සහ වනවාසල අතර සිදු වූ දුම්රිය අනතුර ගැන තොරතුරු රැසක් එළියට

කැලණිය සහ වනවාසල අතර සිදු වූ දුම්රිය අනතුර ගැන තොරතුරු රැසක් එළියට

පද්මේගේ කළු සල්ලිත් සුදු කරලා තියෙන්නේ ඔස්මන් - තොරතුරු රැසක් හෙළි වේ

පද්මේගේ කළු සල්ලිත් සුදු කරලා තියෙන්නේ ඔස්මන් - තොරතුරු රැසක් හෙළි වේ