බිලියන 3.1ක ඇන්ටිජන් වංචාව ගැන සෙවීමට අල්ලස් කොමිසම සැරසෙයි

Report

ලියාපදිංචි නොකළ සමාගමක් මඟින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල ආනයනය කිරීම හේතුවෙන් රජයට පාඩුවක් සිදුව ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ.

රුපියල් බිලියන 3.1ක් වටිනා ඇන්ටිජන් කට්ටල ආනයනය කිරීමේදී මෙම වංචාව සිදුව ඇති බවට අදාළ පැමිණිල්ලෙන් සඳහන් කර ඇති බවද පැවසේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කොමිසම තීරණය කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, පැමිණිල්ල ඉදිරිපත් කළ “මගෙන් රටට” සංවිධානයේ සංජය මහවත්ත මහතා වෙත දැනුම් දී ඇති බවද වාර්තා වේ.