"අපි බලය ගන්නේ මිනිස්සු බය කරලා නෙමෙයි" - පොහොට්ටුවේ අනාගත තුන්වැදෑරුම් සැලසුම එළියට

Report

තමන්ගේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු අවස්ථාවක ප්‍රචණ්ඩත්වය හෝ ජනතාව බිය ගැන්වීම මඟින් බලය ලබාගත් පක්ෂයක් නොවන බව එහි මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය තුළ අදියර තුනක් යටතේ තම දේශපාලන කටයුතු සහ සැලසුම් ක්‍රියාත්මක කරන බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ සාගර කාරියවසම් මහතා තවදුරටත් සඳහන් කළේ;

“අපි කවදාවත් ප්‍රචණ්ඩත්වයෙන් හෝ මිනිස්සු බය කර බලය ගත්ත පක්ෂයක් නෙමෙයි. අපේ සැලසුම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාදාමය ඇතුළේ. ඒක අදියර තුනකින් ක්‍රියාත්මක වෙනවා. පළවෙනි එක විවිධ බොරු ප්‍රචාර නිසා අපෙන් ඈත් වුණු, අපට ඡන්දය දීපු ඒ විශාල ජනතාව නැවත එකතු කර ගැනීම. දෙවැනි පියවර අපි මේ වත්මන් රජය කරන වැරදි ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනුවත් කිරීම. තුන්වැනි පියවර

විජේ හමුවීමට මන්ත්‍රී අර්ච්චුනා චෙන්නායි යයි - අන්තිමට වුණු දේ මෙන්න

විජේ හමුවීමට මන්ත්‍රී අර්ච්චුනා චෙන්නායි යයි - අන්තිමට වුණු දේ මෙන්න

රටේ විද්වතුන් සහ වෘත්තිකයන් එක්ක එකතු වෙලා හදපු, රට ගොඩනඟන අනාගත වැඩපිළිවෙළ ජනතාවට ඉදිරිපත් කරලා, ඔවුන්ගේ විශ්වාසය තහවුරු කර ගැනීම.”