රථ වාහන මෙහෙයුමක් 87 දෙනෙකු කොටු

Report

පොලිස් රථ වාහන මූලස්ථානයේ මෙහෙයවීමෙන් මොරටුව කොට්ඨාශයේ රථ වාහන මෙහෙයුමකින් සැකකරුවන් 87 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා මොරටුව කොට්ඨාශයේ රථ වාහන අනතුරු හේතුවෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබුණි මේ පිළිබඳ සහ විවිධ වූ රථ වාහන වැරදි සම්බන්ධයෙන් සෙවීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි.

පොලිස් රථ වාහන මූලස්ථානය, ගල්කිස්ස කොට්ඨාශ රථ වාහන අංශය සහ මොරටුව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් එක්ව මෙහෙයුම සිදුකර   තිබේ.

මොරටුව කොට්ඨාශයේ විවිධ ස්ථානවල පැය 4ක රථ වාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි .

එහිදි බස් රථවලට බුද්ධි අංශ නිලධාරීන් යොදවා මගී බස් රථ රියදුරන් සිදුකරන අනීතික ක්‍රියා වීඩියෝගත කරමින් ඔවුන් නීතිය හමුවට පැමිණවීම මෙන්ම පොලිස් මාර්ග බාධක යොදා වැරදි කරන රියදුරන් හදුනා ගැනීම ද ව්‍යාපෘතියට ඇතුලත් විය ඒ වගේම මගී බස් රථවල දී කාන්තාවන්ට සිදුවන හිරිහැර පිළිබඳ සොයා බැලීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් යෙදවීමටයි පියවර   ගෙන තිබේ

මෙහිදි විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් රියපැදවු දෙදෙනෙකු, අධික වේගයෙන් රිය ධාවනය කළ රියදුරන් 12 දෙනෙකු, රිය බලපත්‍ර නොමැතිව ධාවනයේ නිරත වු 7 දෙනෙකු, මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය ධාවනය කළ 12 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය