දෑස නොපෙනුනත් හීන හයිය නම් මොනවද දිනන්න බැරි - රටම ආඩම්බර වෙද්දි ඔහු ගත්තු දිනුමත් ඇය දුන්න හයියත් ගැන ඇහෙන සංවේදී කතාව [VIDEO]

Report

මේ වන විට සමාජ මාධ්‍ය පුරාවටම සංසරණය වන්නේ මැරතන් ධාවනයක යෙදෙන පුද්ගලයෙක් සහ ඒ පිටුපස ඔහුට මඟ කියමින් සහයෝගය දක්වන කාන්තාවකගේ සහ දරුවෙකුගේ සංවේදී රූප රාමු පෙළයි.

මෙම සංවේදී කතාව පටන් ගන්නේ මෙසේ මැරතන් ධාවනයේ යෙදෙන පුද්ගලයා දෑස් නොපෙන අයෙක් බවට පුද්ගලයන් දැන ගැනීමත් සමඟයි.

කොතෙකුත් පුද්ගලයන් මැරතන් ධාවනයේ යෙදී තිබුණත් මෙම සිදුවීම එතරම්ම විශේෂ වන්නේ දෑස නොපෙනෙන කළ තම අසරණ බව මැද ජීවිතයේ සියලු බලාපොරොත්තු අතැර සිටින්නවුන් මැද ඔහු දෛවයට අභියෝග කරමින් කළ මෙම ක්‍රියාවයි.

සාරංග - ශනුද්‍රි - සංගීතා එකතු වන ‘ආදරණීය තරුවක්’ ට්‍රේලරය එළියට

සාරංග - ශනුද්‍රි - සංගීතා එකතු වන ‘ආදරණීය තරුවක්’ ට්‍රේලරය එළියට

දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙක් වන ඔහුට ලෝකය නොපෙනුණත්, මුළු ලෝකයටම තමන්ව පෙනෙන විදියේ අමතක නොවන සටහනක් තබන්නට සමත් වුණා.

ඒ ඉකුත්දා කිලෝමීටර් 15ක අතිශය දුෂ්කර මැරතන් තරඟයක් සාර්ථකව නිම කිරීමෙන්. තනිවම මඟ නොපෙනුණත් ඔහු මේ ජයග්‍රහණය ලබා ගත්තේ තම බිරිඳ සහ පුතා පෙන්වූ මඟ පෙන්වීම ඔස්සේයි.

ඔහු දිව යන විට බිරිඳ සහ පුතා ඔහුට පාර කියමින් ධෛර්යය ලබා දුන් අතර, ඒ ආදරණීය හඬවල් ඔස්සේ ඔහු තම ඉලක්කය කරා නොබියව පිය නැගුවේ තම ඉලක්කය වෙත සාර්ථකව යමින්.

තවත් බරපතළ ටෙන්ඩර් චෝදනාවක් - ගල් අඟුරුවලට වගේම මත්පැන් බෝතලේටත් විඳින්නද යන්නේ

තවත් බරපතළ ටෙන්ඩර් චෝදනාවක් - ගල් අඟුරුවලට වගේම මත්පැන් බෝතලේටත් විඳින්නද යන්නේ

"මගේ දෑස්වලට ආලෝකය නැති වුණාට, මගේ හදවතේ තියෙන බලාපොරොත්තුවේ ආලෝකය නිවන්න කාටවත් බැහැ...

එසේ පවසන ඔහු යාපනයට පමණක් නොව, මුළු මහත් ශ්‍රී ලංකාවටම ආඩම්බරයක් වන්නේ ඔහු සතුව ඇති නොපසුබට ධෛර්‍ය හා උත්සාහය නිසයි. මෙය සමාජයේ බොහෝ පිරිසකට ආදර්ශයක් සපයන්නේ එනිසයි.

ලග්නයට අනුව අද ඔබට වාසනාව පෑදෙන සුභ වෙලාව මෙන්න - දවසේ ලග්න පලාපලත් එක්කම කිරි ඉතිරෙන වාසි රැසක්

ලග්නයට අනුව අද ඔබට වාසනාව පෑදෙන සුභ වෙලාව මෙන්න - දවසේ ලග්න පලාපලත් එක්කම කිරි ඉතිරෙන වාසි රැසක්

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,