Epf ෆෝම් ලබාගත හැකි නවතම ක්‍රමවේදය
Government Employee
Sri Lanka
By Sithumi
සේවක අර්ථසාධක අරමුදල (EPF) සඳහා සේවකයින් ලියාපදිංචි කිරීමට අවශ්‍ය A, B හා H පෝරම ලබා ගැනීමේ ක්‍රමවේදය ඔන්ලයින් ක්‍රමය හරහා සිදු කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
රට තුල පවතින තත්ත්වය හේතුවෙනි ඔවුන් මෙම ක්‍රියාවලිය අනුගමනය කර ඇත්තේ. ඒ අනුව සේවා යෝජකයන් විසින් කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ශාඛා කාර්යාලයකට පැමිණ A, B හා H පෝරමය ලබා ගැනීම සිදු කළ යුතු නැහැ.
සේවා යෝජකයාට කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස A, B හා H එහි ආකෘති පත්‍රයක් බාගත කිරීමේ හැකියාව පවතින අතර එලෙස සම්පුර්ණ කරන ලද පෝරම දෙපාර්තුමේන්තුවට භාර දීමේ හැකියාව පවතිනවා.
කම්කරු දෙපාර්තමේන්තුවේ පහත සඳහන් නිල වෙබ් අඩවියෙන් A, B හා H පෝරම බාගත කිරීම සිදු කළ හැක.