අලුත් අවුරුද්දට ජනතාවට ලැබෙන සහනය.

Food Shortages Sinhala and Tamil New Year Parliament of Sri Lanka Sri Lanka K.D. Lalkantha
By Zara Mar 03, 2025 02:38 PM GMT
Zara

Zara

Report

සිව්වන වරටත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරු සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ අද (03) රැස් විය.

එළැඹෙන අලුත් අවුරුදු සමයේ ජනතාවට හිඟයකින් තොරව සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පිළිබඳව සහ රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තොග පවත්වා ගැනීම ඇතුළු අනෙකුත් පියවර පිළිබඳව ද දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.

පාරිභෝගිකයාත්, ගොවි ජනතාවත්, නිෂ්පාදකයාත් ආරක්ෂා කරගනිමින් මෙම සියලු පියවරයන් ගත් යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි.

විශේෂයෙන් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනයට අප්‍රේල් 01 වැනිදායින් පසුව අනුමැතිය ලබා දීමටත්, ඒ සඳහා අවශ්‍ය නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන තුරු පැරණි ක්‍රමවේදය යටතේ පවත්වා ගෙන යන ලෙස ලාල්කාන්ත මහතා උපදෙස් ලබා දුන්නේය.

ජනතාවට උසස් තත්ත්වයේ නිෂ්පාදන පරිභෝජනය කිරීමට අවස්ථාව ලබාදීය යුතු බවත්, ඒ සඳහා වන රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණ වේ.

ReeCha