ආසියාතික ජනතාවට සහන දෙන්න ජපානයෙන් ඩොලර් බිලියන 10ක්
By Shani
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් පීඩා විඳින ආසියාතික ජනතාවට සහන සැලසීම අරමුණින් ඩොලර් බිලියන 10ක් වටිනා මූල්‍ය සහනාධාරයක් සකසන බව ජපාන අග්‍රාමාත්‍ය සනේ ටකයිචි පවසනවා.
ආසියානු කලාපයේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහායි මෙම මූල්‍ය ආධාර වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කර ඇත්තේ.
ජපන් අග්‍රාමාත්‍යවරිය මේ බව දැනුම් දී ඇත්තේ, යුද ගැටුම් වර්ධනය වුවහොත් ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවිය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා ඇති පසුබිමකයි. ඇය මෙම වැඩපිළිවෙළ නම් කර තිබෙන්නේ ''Power Asia'' ලෙසයි.