මීට පස්සේ බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙටම දුවන්න ඕනේ නෑ, රට පුරා හදිසි වෛද්‍ය ප්‍රතිකාර - සුව ඇමති
හදිසි වෛද්‍ය ප්‍රතිකාර රෝහල්වලට පමණක් සීමා කළ නොහැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව රටේ සියලුම ජනතාව කේන්ද්‍ර කර ගනිමින් මෙම හදිසි ප්‍රතිකාර ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍යවරයා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ වාර්ෂික අධ්‍යයන සම්මේලනයට සහභාගී වෙමින්.

චිචීගේ රොකට් එකෙන් එච්චර හරියක් කරා නම් රාජපක්ෂලා මෙච්චර කල් කට පියන් ඉඳී කියලා හිතනවද? පිස්සුද අහන නලින්ද
ඒ අනුව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (Sri Lanka College of Emergency Physicians - SLCEP) වාර්ෂික අධ්‍යයන සම්මේලනය - 2025 සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරි හෝටලයේ දී පවත්වා ඇත.
මෙහිදී සම්මේලනයට සහභාගී වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් හදිසි ප්‍රතිකාර පිළිබද වෛද්‍ය සේවාව රෝහල්වලට පමණක් සීමා කළ නොහැකි බව හඳුනා ගෙන ඇති බව සඳහන් කළා.
එසේම අමාත්‍යවරයා එය අවශ්‍යතාවය ඇති සියලු ස්ථානවලට ව්‍යාප්ත විය යුතු බව පෙන්වා දුන්නේ එම සේවා කටයුතු රෝහල්වල නිශ්චිත සත්කාර දක්වා බාධාවකින් තොරව ඉදිරියට යා යුතු බව ද ප්‍රකාශ කරමින්.