රට යන්න හීන දකින අයට මෙන්න රටවල් තුනකින් රැකියා
ශ්‍රී ලාංකිකයන්ට ජපානය, දකුණු කොරියාව සහ ඊශ්‍රායලය යන රටවල රැකියා අවස්ථා වැඩිපුර ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.
රජයේ විවිධ ක්ෂේත්‍රවලට දේශපාලනමය මැදිහත්වීම් සිදු නොවීම හේතුවෙන්, දියුණු රටවල් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් නව රැකියා අවස්ථා විවෘත කරමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඒකක කිහිපයක් බත්තරමුල්ලේ නව කාර්යාල පරිශ්‍රයක ස්ථාපිත කිරීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමිනි.