ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නා හිමි හමුවේ
ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් දිනයේ කටයුතු වලට මහනුවරට පැමිණි ජනපති අනුර කුමාර දිසානායක මහතා අද (09) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලැබුවේය.
මල්වතු මහා විහාරය හමුවීමට පැමිණි ජනපති මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනිමින් සාකච්චාවක නිරත විය.
පසුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනපති මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේගේද සුවදුක් විමසමින් සාකච්චාවක නිරත විය.