බස් වලිනුත් කප්පම් ඉල්ලා කරදර - දවසකට හාරදාහකට වැඩිය කප්පම් දෙන්න වෙලා

Law and Order Private Bus Owners Association Srilanka Bus Latest Headlines Sinhala news
By Ashfa Aug 09, 2025 03:42 PM GMT
Ashfa

Ashfa

Report

බස් රථ වලින් කප්පම් ලබාගැනීමේ ක්‍රියාවලියක් සිදුවන බවත් එය නැවැත්විය යුතු බව ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය පවසයි. මෙම කප්පම් කෙටි දුර බස් සදහා දිනකට රු.800 - රු.1000 අතර මුදලකුත් දුර ගමන් බස් සදහා රු.1200,රු.3400,රු.4000 වැනි මුදලකුත් ගන්නා බව වාර්තා වේ.

එමෙන්ම බස් රථ වේලා සටහන් කරුවන්ට රු.100 - 200 වැනි මුදල් ද කොන්දොස්තරවරුන්ට රු.50 - රු.100 මුදලක්ද කප්පම් ලෙස ගන්නා බව වර්ත වේ.

වර්තමානය වන විට රුපියල් 100ක් හෝ ඊට වැඩි මුදලක් ගෙවීමට සිදුව තිබෙන අතර ගමන් අවසන් කර ආපසු පැමිණීම ආරම්භ කරන ස්ථානවලදී පවා ඇතැම් අවස්ථාවල මුදල් ගෙවීමට සිදුව තිබෙන බවත් බස් සේවකයෝ පවසති.

මුදල් ඉල්ලා සිටින වේලාව සටහන් කරන්නන්ට මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කළ හොත් ගමන් වාර ප්‍රමාද කිරීම පවා සිදුවෙන බවත් ඔවුහු පවසති.

මගී ප්‍රවාහන බස් රථ සැලකීමේදී සියයට හැටකට වැඩි ප්‍රමාණයක් බස් රථ කොන්දොස්තරවරුන් විසින් දෛනිකව බදු මුදල් ගෙවා ගෙන බස් රථ ධාවනය කරන අතර බස් රථයේ ආදායමෙන් සැලකිය යුතු මුදලක් කප්පමකරුවන්ට ලබා දීමට කොන්දොස්තරවරුන්ට සිදුව තිබෙන බවද සඳහන් කරයි.

සෘජුවම බස් හිමියන් විසින් ධාවනය කරන බස් රථවලින් කප්පම් මුදල් ලබා ගන්නේ නම් අදාළ මුදල බස් රථ අදායමෙන් ගෙවන නිසා එහි පාඩුව බස් හිමියා දරාගත යුතු බවද එම සංගමය සඳහන් කරයි.