ඇල්ල රක්ෂිතට ගිණි තැබූ සිසුන් 16 දෙනාට සිදු කළදේ..

By Sithumi Sep 25, 2022 01:51 PM GMT
Sithumi

Sithumi

Report

බණ්ඩාරවෙල ඇල්ල රක්‍ෂිතයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිස්දුන් 16 දෙනා අද (25) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

එමෙන්ම ලබන ඉරිදා එක් සිසුවෙකු පැල 10 බැගින් සිටවිය යුතු බවටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා . මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල හාලිඇල සහ නමුණුකුළ යන ප්‍රදේශවල පදිංචි පාසල් සිසුන් 16 දෙනෙක් ඇල්ල රක්‍ෂිතයට ඊයේ(24) ගිනි තබා ඇති බවට පොලීසියට ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රීයාත්මක වූ පොලිස් නිළධාරීන් වන ජීවී දෙපාර්තමේන්තුවේ සහ ගිනි නිවීම් ඒකකවල සහය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබුණා.

ඉන් අනතුරුව සිදුකළ මෙහෙයුමකට අනුවයි ඇල්ල රක්‍ෂිතයට ගිනි තැබූ බවට සැක පිට මෙලෙස 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ. පොලිසිය පැවසුවේ සිසුන් කඳු මුදුනේ විනෝදවන අතරතුර , එක් සිසුවෙකු විසින් හිතාමතාම මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට අනාවරණ කර ගත් බවයි.