දෙවන එළිසබෙත් රැජිනගේ දේහය සම්බන්ධයෙන් අද ගත් තීරණය..
බකිංහැම් මාලිගයේ තැන්පත් කර ඇති දෙවන එළිසබෙත් රැජිනගේ දේහය වෙස්මිනිස්ටර් ශාලාව වෙත අද (14) රැගෙන යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රැජින උද්‍යානය, The Mall, Horse Guards and Horse Guards Arch, Whitehall, පාර්ලිමේන්තු වීදිය, පාර්ලිමේන්තු චතුරශ්‍රය සහ නව මාලිගා අංගනය ඔස්සේ – මධ්‍යම ලන්ඩනය හරහා රැජිනගේ දේහය රැගෙන යන අතරතුරේ දී මහජනතාවට නැරඹීමට හැකි බවත් රැජිනගේ දේහය රැගෙන යන රථ සමගින් III චාල්ස් රජු, විලියම් කුමරු සහ හැරී කුමරු මෙන්ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ රාජකීයයන් ද ගමන් ගන්නා බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
වෙස්ට්මිනිස්ටර් ශාලාවේ උස් වූ වේදිකාවක් මත රැජිනගේ දේහය රැඳවීමෙන් අනතුරුව චාල්ස් රජු සහ රාජකීය පවුලේ සාමාජිකයන් සහභාගී වන කෙටි දේව මෙහෙයක් පවත්වනු ලබන අතර සොල්දාදුවන් විසින් රැජිනගේ දේහය සෑම විටම ආරක්ෂා කරමින් දේහය අසළ රැඳී සිටියි.
වෙස්ට්මිනිස්ටර් ශාලාවේ රැජිනගේ දේහය තැන්පත් කිරීමෙන් අනතුරුව දින හතරක කාලයක් පුරා මහජනතාවට ගෞරව කිරීම සඳහා අවස්ථාව ලැබෙනු ඇත.