දැවැන්තයන් රැසකට උන්හිටි තැන අහිමි කරමින් සිදු වූ ඛේදවාචකය..(VIDEO/PHOTOS)

Thailand Elephant Death World
By Piyumika Oct 05, 2024 06:19 AM GMT
Piyumika

Piyumika

Report

Elephant Nature Park අලි සුරැකුම් මද්‍යස්ථානය සම්පුර්ණයෙන්ම ජලයෙන් යටව ඇති බවත් එහි සිටි අලි ඇතුන් 126 දෙනාගෙන් 60 කට වැඩි සංඛ්‍යාවක් තවමත් බෙරාගෙන නොමැති බවත් ඔවුන් සේවිමට ගුවන් සහය ගෙන ඇති බවත් වාර්ථා වන අතර මිය ගිය අලි දෙදෙනෙකුගේ සිරුරු හමු වී ඇත.

හිටපු ජනපති ආර්යාවකගෙන් ගබ්සාවට සහය..

හිටපු ජනපති ආර්යාවකගෙන් ගබ්සාවට සහය..

උතුරු තායිලන්තයේ ජනප්‍රිය අලි අභයභූමියක් හරහා බ්‍රහස්පතින්දා හදිසි ගංවතුරක් ඇති වූ අතර, අලි 100 ක් පමණ ඉවත් කිරීමට පියවර ගත් අතර සංචාරකයින් පිරිසක්ද එහි කොටු වී ඇති බව පැවසේ.

කෙසේ වෙතත් චියැං මායි නගරයට නුදුරින් ඇති Elephant Nature Park වීඩියෝ සහ රූපවලින් පෙන්නුම් කළේ උස් බිම්වල ආරක්ෂාව සොයා ගැනීම සඳහා අලි දුසිම් ගනනක් ගැඹුරු ජලය හරහා ගමන් කරන ආකාරයයි.

Elephant Nature Park  නිර්මාතෘ Saengduean පවසනුයේ උද්‍යානය මෙතෙක් අත්විඳින ලද දරුණුතම ගංවතුර  ලෙස මෙය හැඳින්විය හැකි බවයි.

තිදෙනෙක්ට මරු කැදවූ මාරක රිය අනතුරු කිහිපයක්..

තිදෙනෙක්ට මරු කැදවූ මාරක රිය අනතුරු කිහිපයක්..

ඇත්ගොව්වන් , අලි ඇතුන් සමඟ වැඩ කරන උද්‍යාන කාර්ය මණ්ඩලය, “යන්න, දිගටම යන්න” යනුවෙන් කෑගසමින් අලි ඇතුන් මුදා ගැනීමේ ක්‍රියා වල නිරත වීම වීඩියෝ වල දැක්වේ.

තායිලන්තයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන Chaing Mai හි බලධාරීන් නගරය හරහා ගලා යන Ping ගඟේ ජල මට්ටම් අනතුරුදායක මට්ටම් කරා ළඟා වීමත් සමඟ ගංවතුර ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

උද්‍යානය වටා ඇති විශාල ගංවතුර සහ ජලය තවමත් ඉහළ යමින් පවතින හෙයින්, අභයභූමියේ නිර්මාතෘවරයා පැවසුවේ, දෙවන වරටත් සතුන් ඉවත් කිරීමට සිදුවන බවයි.

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අද දවස තීරණාත්මකයි..

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අද දවස තීරණාත්මකයි..

එසේම “දෙපසම මාර්ග සම්පූර්ණයෙන්ම කපා හැරීම නිසා සතුන් කඳුකරයට ගෙන යා යුතු බැවින් අපට ඉක්මනින් ස්වේච්ඡා සේවකයන් සහ සත්ව කූඩු අවශ්‍ය වේ,” උද්‍යානය ෆේස්බුක් හි සටහනක් පවා තබා ඇත.

ඇමරිකානුවන් පස් දෙනෙකු ඇතුළු විදේශීය ස්වේච්ඡා සේවකයන් 30 ක් පමණ අභයභූමියේ සිරවී සිටින අතර ඔවුන්ගෙන් සමහරක් සති කිහිපයක් උද්‍යානයේ වැඩ කරමින් සිටින බවද Saengduean පැවසීය.

 Elephant Nature Park යනු චියැං මායි ගම්බද ප්‍රදේශයේ අලි ගලවා ගැනීමේ සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වන අතර එය 1990 ගණන්වල ආරම්භයේ සිටම සංචාරක හා දැව කැපීමේ කර්මාන්තවලින් අලි ඇතුන් 200 කට වැඩි ප්‍රමාණයක් බේරාගෙන ඇත. එය සංචාරකයින්ට සතුන් නිරීක්ෂණය කිරීමට හෝ සංරක්ෂණ කටයුතු සඳහා උපකාර වන චාරිකා සහ ස්වේච්ඡා වැඩසටහන් ද ක්‍රියාත්මක කරයි.

තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි..

තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි..

බොහෝ අලි ඇතුන් අන්ධ හෝ ශාරීරික තුවාල ඇති බැවින් ඔවුන්ට පැන යාමට ඇති හැකියාවට බාධාවක් වී ඇති අතර ඉවත් කිරීමේ උත්සාහයන් සංකීර්ණ වී ඇත.

අලි ඇතුන් මෙන්ම, බල්ලන්, බළලුන්, අශ්වයන්, ඌරන් සහ හාවුන් ඇතුළු ගලවාගත් සතුන් 5,000 ක් පමණ වනෝද්‍යානයේ වාසය කරයි .බලධාරීන් ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් පසු සතුන් සමහරක් මෑත දිනවල ඉවත් කරන ලදී.

ශ්‍රී ලාංකික සිසුන්ට බලාපොරොත්තු රැසක් සමග මෙරට අංශ රැසක සංවර්ධනයට ස්වීඩනයේ සහය..

ශ්‍රී ලාංකික සිසුන්ට බලාපොරොත්තු රැසක් සමග මෙරට අංශ රැසක සංවර්ධනයට ස්වීඩනයේ සහය..

තායිලන්තයේ ජාතික වනෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පැවසුවේ නිලධාරීන් දුසිම් ගනනක් පිටත් කර යවා ඇති නමුත් මාර්ග ජලයෙන් යටවීම නිසා උද්‍යානයට ළඟා වීමට නොහැකි වී ඇති බවයි. තවද ඉතිරි සතුන් ඉවත් කිරීමට උදව් කිරීම සඳහා පැතලි පතුලක් සහිත බෝට්ටු සහ ස්වේච්ඡා සේවකයන් ඉක්මනින් අවශ්‍ය බව ඔහු පැවසීය.

දැවැන්තයන් රැසකට උන්හිටි තැන අහිමි කරමින් සිදු වූ ඛේදවාචකය..(VIDEO/PHOTOS) | Elephant Nature Park Is Completely Submerged