ලංකාවේ පහළ වායුගෝලය කැලඹෙයි - අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකියි - අනතුරු ඇඟවීම් මෙන්න
By Ashfa
ශ්රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය, ඉදිරි පැය 24ක කාලය තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතී.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (21) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ.
බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.