ශ්‍රී ලාංකික සිසුන්ට බලාපොරොත්තු රැසක් සමග මෙරට අංශ රැසක සංවර්ධනයට ස්වීඩනයේ සහය..

Report

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහ ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අද දවස තීරණාත්මකයි..

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අද දවස තීරණාත්මකයි..

ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් (Jan Thesleff) මේ බව පැවසුවේ ඊයේ (04) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය හමු වු අවස්ථාවේදිය.

මෙහිදී නව අග‍්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනී අමරසූරිය පත්වීම පිළිබඳව තානාපතිවරයා ස්වීඩන් රජයේ සුභ පැතුම් එක් කර තිබෙනවා.

බිහිසුණු ලෙස තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි..(CCTV VIDEO)

බිහිසුණු ලෙස තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි..(CCTV VIDEO)

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ස්වීඩන් රජයේ අවධානය යොමු වී බව මෙහිදී ස්වීඩන් තානාපතිවරයා කියා සිටියා. එමෙන්ම ළමා පෝෂණය පිළිබඳ ප්‍රශ්නය ස්වීඩන් තානාපතිවරයාගේ අවධානයට යොමු කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව කලාපය තුළ ඉහළ සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන ගියද, පාසල් සිසුන් අතර පෝෂණ අභියෝග තවමත් පවතින බව අවධාරණය කර තිබෙනවා.