පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කෙරෙන සත්‍යග්‍රහය අද සයවන දිනටත්

Report

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (21) සයවන දිනටත් පවත්වනු ලබයි .

පසුගිය 16 වැනි දින පස්වරුවේ විහාර මහා දේවි උද්‍යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ අතර එදින එහි අට්ටාලයක් ඉදි කිරීමට යාමේදී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය වී තිබේ.

   සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන්වහන්සේලා සඳහන් කරනුයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගන්නා තෙක් මෙම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.

ඒ වගේම පසුගිය 16 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳි සිටි භික්ෂූන් වහන්සේලා පිරිස අනතුරුව බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉදිරිපිටට වැඩම කළ අතර එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡාවකද නිරතව ඇත.

අනතුරුව එම සාකච්ඡාව අසාර්ථක බව පවසමින් ඉල්ලීම් සඳහා විසඳුමක් ලබා දෙන තෙක් විහාර මහා දේවි උද්‍යානයේ රැඳී සිටින බවට උන්වහන්සේලා සඳහන් කළේය.

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්