කන්තලේ නිවාසයකට වන අලි ප්‍රහාර වගාවන්ට දැඩි හානි

Sri Lanka Elephant
By Sithumi May 20, 2023 11:03 AM GMT
Sithumi

Sithumi

Report

කන්තලේ ජයන්ති පුර ගම්මානයේ නිවාසයකට අද උදෑසන වන අලි ප්‍රහාරයක් එල්ල වුණා. අද අළුයම 2 30 ට පමණ වන අලින් දෙදෙනෙකු ගම්වැද නිවාසයකට පහර දී බිත්තර වී මිටි 5ක් පමණ ගිල දමා තිබෙනවා.

මීට සති කිහිපයකට පෙර මේ ආකාරයෙන්ම තවත් නිවාසයකට පහර දී ඇති බවයි අප වාර්ථාකරු සදහන් කළේ.

මෙලෙස ගම්වදින වන අලින් වගා කර ඇති පොල් පැළ මඤ්ඤොක්කා වැනි වගාවන්ට දැඩි හානි සිදු කරන අතර කඩිනමින් මෙයට විසදුමක් ලබා දෙන ලෙසයි ගම්වාසින් ඉල්ලා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


ReeCha