විදුලි බිල අඩු කිරීමට රජය තීරණය කරයි.! - "මාසික මුද්‍රිත විදුලි බිලක් දීම අනිවාර්ය කර නෑ"
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් නිර්දේශ කර ඇති විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ඉදිරියට යාමට රජය තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය අද පාර්ලිමේන්තුවට දැනුම් තිබෙනවා.
මේ අතර මාසික විදුලි බිල්පතක් ලබාදීම අනිවාර්ය කර නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. කෙසේ වෙතත් බිල්පතක් අවශ්‍ය පාරිභෝගිකයන් සිටි නම් එම පාරිභෝගිකයන්ට ඒ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයට ලිඛිතව දැනුම් දී එය ලබාගත හැකි බව කොමිසමේ ප්රකාශයෙක් කියා සිටි බවයි වාර්තා වන්නේ.
එය අදාළ වන්නේ බිල්පතක් අවශ්‍ය පාරිභෝගිකයන්ට පමණක් වන අතර එස්.එම්.එස් හා ඊ බිල් මාර් ගයෙන් තම විදුලි බිල ලබාගැනීමට කැමැත්තක් දක්වන පාරිභෝගිකයන්ට මෙය අදාළ නොවන බවත් ඔවුන්ට ඒ ආකාරයෙන්ම ඉදිරියටත් එම බිල ලබාගැනීමට හැකියාව ඇති බවත් ඔහු පවසා තිබෙනවා.
නමුත් මෙවර විදුලිබිල සංශෝධනයේදී ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ බලපත්‍ර ලාභියකු වන ලංකා විදුලිබල මණ්ඩලයට සෑම පාරිභෝගිකයකුටම මාසික විදුලි බිල්පතක් ලබා දිය යුතු බවට කොන්දේසියක් පනවා ඇති බවත් එයට අනුව ක්‍රියා කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පසුගිය දා ප්‍රකාශ කළා.
අද සිට බිලියන 12කට අධික දීමනාව අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට මුදා හරියි. - එය ලැබෙන්නේ මෙහෙමයි.
You may like this video