විදුලි බිල අඩු කරයි..? දිගින් දිගටම ජනතා විරෝධතා
By Sithumi
විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළකරමින් ඊයේ (17) රාත්‍රියේ සහ අද (18) ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුනා.
ජනතාව සහ ව්‍යාපාරිකයින් රජයෙන් ඉල්ලා සිටින්නේ ඉහළ නැංවූ විදුලි ගාස්තු කඩනමින් පහළ දමන ලෙස ඉල්ලමින් එමෙන්ම, විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළකරමින් ඊයේ රාත්‍රියේ ප්‍රදේශ රැසක පන්දම් දල්වමින් ද විරෝධතා පැවැත්වුණු අතර විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ගාල්ල බලපිටිය ප්‍රදේශයේදී දේව කන්නලව්වක් පැවැත්වුණා.
එමෙන්ම අදත් හඟුරන්කෙත සහ ගාල්ල ප්‍රදේශවලදී විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව විරෝධතා පැවැත්වුණා
මේ අතර, විදුලි බිල අඩු කරන්නැයි ඉල්ලමින් '' මගෙන් රටට '' සංවිධානය අද තුන්වැනි දිනටත් කොළඹ මල්පාරේ පිහිටි බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිටදී උපවාසයක නිරත වුණා.