නව සීමාවලින් විදුලි උපකරණ මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. දුරකතනයක් ලක්‍ෂ තුන හමාර පැනලා…

mobile phone taxes electric items
By Sewvandhi Sep 11, 2021 04:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවන ලද නව සීමා හේතුවෙන් එම භාණ්ඩ වල මිල අවම වශයෙන් 40% කින් වත් ඉහළ යනු ඇතැයි ආනයනකරුවෝ කියා සිටිති.

මෙතෙක් ණයවර ලිපි මගින් භාණ්ඩ ආනයනය කර අලවියෙන් පසු මුදල් ගෙවීම සිදු කළ ද නව තත්ත්ව යටතේ නිසි වෙලාවට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් සැපයුම්කරුවන් භාණ්ඩ සැපයුමද නො කරමින් සිටින බවද ඔවුන් පෙන්වා දෙති.

සම්පූර්ණ මුදල් මුලින් ගෙවීමේ ක්‍රමය අනුව බොහෝ ආනයන කරුවන්ට එම මුදල් යෙදවීමට නොහැකි බවත් ඒ හේතුවෙන් භාණ්ඩවල තදබල හිගයක් ඇති වී භාණ්ඩ වල සීග්‍ර මිල ඉහළ යාමක් ඇතිවුනු ඇති බවත් ඔවුන් කියා සිටිති.

දැනට වෙළඳ පොලේ ඇති භාණ්ඩ වල ද මිලද වේගයෙන් ඉහළ ගොස් ඇති අතර නව කොන්දේසිවලට පෙර රුපියල් 250,000 පමණ වූ ඇතැම් ජංගම දුරකථන වල මිල රුපියල් 350,000 සීමාව ද ඉක්මවා ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැක.

ඒ, බලපත්‍ර ලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ණයවර ලිපි හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබාදීමේ කොන්දේසි යටතට ගැනෙන තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේදීය. 2021 සැප්තැම්බර් මස 08 වන දින පැවති රැස්වීමේදී ඒ බව තීරණය කර තිබේ.

එම නිවේදනය පහතින්...

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery