ඉලෙක්ට්‍රික් වාහන සම්බන්ධව රටටම සතුටුදායක ආරංචියක්..ලංකාවේ පළමු වරට කරන්න යන දේ මෙන්න..

American Express Sri Lanka Electric Vehicle
By Aruna Apr 23, 2023 03:18 AM GMT
Aruna

Aruna

Report

කොළඹ නගරයේ විද්‍යුත් වාහනවලට අවශ්‍ය ආරෝපිත බැටරි ලබාදීම සඳහා මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ආධාර කිරීමට පියවර ගෙන ඇතැයි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශ කරනවා.

මේ යටතේ පළමුව රෝද දෙකේ විද්‍යුත් වාහනවල බැටරි මාරු කරන ස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය සහ Sling Mobility සමග ගිවිසුමකට අත්සන් තබා ඇති බවයි පැවසෙන්නේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම මධ්‍යස්ථානවලදී බැටරි ආරෝපිත වන තෙක් බලා නොසිට ඒ වෙනුවට ආරෝපණය කරන ලද බැටරියක් ලබා ගැනීමට ඇති හැකියාවයි.

පරිසර හිතකාමී බලශක්තියට දිරි දීමක් වශයෙන් මෙම ඊ තාක්ෂණය දියුණු කිරීමට උපරිම සහාය ලබාදෙන බව Usaid දුත මණ්ඩල අධ්‍යක්ෂ ගේබ්‍රයල් ග්‍රො සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now