විදුලි වාහන භාවිතා කරන්න..ඉන්ධන මිල ඉහළ යයි..විශේෂ දැනුම්දීමක්..

Fuel Price In Sri Lanka Champika Ranawaka Electric Vehicle Fuel Price In World
By Aruna Mar 28, 2024 06:10 PM GMT
Aruna

Aruna

Report

විදුලි මෝටර් රථ භාවිතය ප්‍රවර්ධනය කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ශ්‍රී ලංකාවට රථවාහන ආනයනය අත්හිටුවා වසර තුනක් ගත වී තිබෙනවා.

ඒ රටේ පවතින විදේශ විනිමය පිළිබඳ ගැටළුව නිසායි. ඉන්ධන මිල ද ක්‍රමයෙන් වැඩිවෙයි.

එවැනි තත්ත්වයකදී පුනර්ජනනීය බල ශක්තිය වෙත යොමුවීම වැදගත් බවයි පාඨලී චම්පික රණවක මහතාගේ අදහස වී ඇත්තේ.

ඒ අනුව පෞද්ගලික භාවිතය සඳහා විද්‍යුත් මෝටර් රථ භාවිතයට පුද්ගලයන් යොමු කළ යුතුය.

පොදූ ප්‍රවාහන සේවා වෙනුවෙන් ද විද්‍යුත් රථවාහන කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි ඒ මහතා කියා සිටින්නේ.

පොල්ගහවෙල මයික්‍රෝ කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කරමින් පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ, මෙම විද්‍යුත් රථ සැපයීම දේශීය ක්‍රියාවලියක් බවට පත් කිරීම අතිශය වැදගත් බවයි.

2010 දී තමා විදුලිබල අමාත්‍යවරයා ලෙස පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට ක්‍රියාකළ බව සිහිපත් කළ රණවක මහතා කියාසිටියේ, වහල මත සවිකරන සූර්ය බල ශක්ති පද්ධති ද ඊට සමගාමීව හඳුන්වාදුන් බවයි.

මේ වනවිට එම ක්‍රමවේදය ඔස්සේ දැනට ශ්‍රී ලංකාවෙහි උත්පාදනය කෙරෙන විදුලිය, මෙගාවොට් 700 ක් පමණ වෙයි.

මෙහි ඉදිරි පියවරේදී, සූර්ය බලශක්තිය යොදාගෙන මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපනය කළ යුතුය.

කර්මාන්තශාලා සහ නිවාස වලට ද, සූර්ය බලශක්ති භාවිතය ව්‍යාප්ත කිරීමද කාලීන අවශ්‍යතාවක් බව රණවක මහතා පෙන්වා දෙයි.

– මාධ්‍ය ඒකකය