වහාම මැතිවරණක් කැඳවන්න..ප්‍රභලයෙකුගෙන් දැනුම් දීමක්..

Sri Lanka Sajith premadasa Mahinda Rajapakshe Gotabaya Rajapakshe Election commission
By Aruna Sep 12, 2021 07:17 AM GMT
Aruna

Aruna

Report

වහාම ඉල්ලා අස්වී ජනවරම විමසන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටී. ජනතාව හාමතේ සිටින බවත් එය තවදුරටත් දරා ගත නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසීය.

මේ අතර හම්බන්තොට දෙබරවැව පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ නැවත වරක් රට තුළ පෝලිම් යුගය සහ සලාක යුගය නිර්මාණය වෙමින් ඇති බවත් දවසින් දවස ආණ්ඩුව විසින් ජනතාව පීඩනයට අසහනයට සහ අවාසනාවන්ත ඉරණමක් වෙත තල්ලු කරමින් සිටින බවත් ය.

මේ රජය බලයට පත්වූ සැණින් රටේ ධන කුවේරයන්ට බදු සහන ලබාදෙමින් රාජ්‍ය ආදායම අහිමි කර ගැනීමෙන් තම අදූරදර්ශි වැඩ පිළිබඳ ආණ්ඩුව ආරම්භ කළ බව විපක්ෂ නායකතුමා පැවසීය.

දිනපතා ඔප්පු වෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ අදූරදර්ශී අකාර්යක්ෂම අදක්ෂ වැඩපිළිවෙළ බව පැවසූ විපක්ෂ නායකතුමා විටින් විට සිදුවෙමින් තිබෙන එකම දෙය වන්නේ ඔලුගෙඩි මාරු කිරීම පමණක් බවද පැවසීය.

මේ වන විට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ සංවෘත ආර්ථිකයක් කරා ගමන් කිරීමට බවත්,නමුත් ආණ්ඩුව කළ යුතුව තිබුණේ සාර්ව ආර්ථික විචල්‍යයන් මනා කොට කළමනාකරණය කරමින් මේ රටේ ජනතාවට මූල්‍ය උත්තේජකයක් ලබාදීම බවද ඒ මහතා පැවසීය.

මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනසක් සිදුවිය යුතු වුවත් ,වර්තමාන රජය ඇස්බැන්දුම් ක්‍රියාත්මක කරමින් සිටින බවද ආණ්ඩුව ඇමතිවරුන් මාරුකිරීමේ සංගීත පුටු තරගයක් ආරම්භ කොට ඇති බවද හෙතෙම පැවසීය.

මේ වන විට රට බංකොලොත් වී ඇති බවත් මේ බංකොලොත් බවින් රට ගොඩනගන්නට වර්තමාන ආණ්ඩුවට කිසිදු හැකියාවක් නැති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now