මැතිවරණ තාක්ෂණ නිලධාරියා කාර්යාලයේදිම ගෙල වැලදාගෙන මරුට
මඩකලපුව පොලිසිය මඟින් මඩකලපුව මැතිවරණ කාර්යාලයේ තාක්ෂණ නිලධාරිවරයෙක් ඔහුගේ නිල කාමරය තුළදීම ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙසේ මරණයට පත්ව ඇත්තේ පාසල පාර, භාරතීපුරම්, එලුවිල්, කලවංචිකුඩි ලිපිනයේ පදිංචි එම්. ප්‍රසාන්තන් (35) නම් මඩකලපුව මැතිවරණ කාර්යාලයේ තාක්ෂණ නිලධාරිවරයා බව පවසයි.
එසේම පොලීසිය සඳහන් කරන්නේ ඔහු අවිවාහකයකු බවයි.
ඒ අනුව පසුගිය 30 වැනිදා මෙම තරුණයා තම නිල කාමරයේදී ගෙල වැලලාගෙන සිටියදී හමුව තිබෙනවා.
කෙසේ වෙතත් මේ වනතෙක් මරණයට හේතුවක් හෙළි වී නැති බව ද පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව මූලස්ථාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත බණ්ඩාර ඇතුළු නිලධාරීන් විමර්ශන පවත්වන බව වාර්තා වේ.