රුමේනියාවේ රැකියා දෙන්න රුපියල් කෝටි 74ක් වංචා කරලා - ඒජන්සිකරු රිමාන්ඩ්

Report

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 74 කට අධික මුදලක් පුද්ගලයින්ගෙන් වංචා කළ බව කියන සිද්ධියකට අඳාළව මහරගම පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක අධ්‍යක්ෂවරයකු එළඹෙන 14 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ ඊයේ (31) දින නියෝග කර තිබෙනවා.

එසේම අධිකරණය මඟින් සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කර ඇත.

තවද මෙම සිද්ධියට අඳාළව අත්අඩංගුවට ගැනීමට සිටින අනෙක් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

කෙහෙල්බද්දර රන්ජන්ට ඊයේ ගයත්‍රී ඩයස් හමුවුණාලු - ඒ පාර මේ මොකද?

කෙහෙල්බද්දර රන්ජන්ට ඊයේ ගයත්‍රී ඩයස් හමුවුණාලු - ඒ පාර මේ මොකද?

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුගේ බිරිය ද අඳාළ සමාගමේ අධ්‍යක්ෂවරියක වන නිසා ඇය ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මහරගම පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක අධ්‍යක්ෂවරයකු වන හේවාවිදුරගේ දිනේෂ් විමලචන්ද්‍ර නම් අයෙක්. එසේම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකක 01 හි ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඊට අඳාළව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි 117ක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 469ක් ලැබී ඇති බවද පැමිණිල්ල අධිකරණයට වාර්තා කර ඇත.

මේ අතර මෙහි පැමිණිලිකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින අය බවටද කරුණු අනාවරණය වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සැකකරුවන් පැමිණිලිකරුවකුගෙන් රුපියල් දහ අට ලක්ෂ පනස් දහසක මුදලක් විදෙස් ගතකරවීමට අවශ්‍ය බවට සඳහන් කරමින් එම මුදල් කොටස් ලෙස ලබා ගෙන ඇති බව අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දනවා ඇත.

එසේම ඇතැම් පැමිණිලිකරුවන් මෙම සැකකරුට සම්පූර්ණ මුදල ද ගෙවා ඇත. තවද සිද්ධියට අඳාළ එම විදේශ රැකියා නියෝජිත ආයතනයේ බලපත්‍රයද විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අවලංගු කර තිබෙන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න

ඒ අනුව මෙම සැකකරුවන් සාපරාධී සාවද්‍ය පරිහරණය, වංචා කිරීම විශ්වාසය කඩ කිරීම අතුළු චෝදනා මෙන්ම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ද වැරදි සිදුකර ඇති බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළා.

එනිසා අධිකරණයෙන් නියෝග නිකුත් වූණේ මෙම සැකකරුවන්ගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමටයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශණ ඒකක 01 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දංගල්ල, උපපොලිස් පරීක්ෂකවරුන් වන ලසිත පෙරේරා සහ චානක බණ්ඩාර යන නිලධාරින්.

වැලිගම ඝාතන සැකකරුවන්ට සොබාදහමෙන්ම ලැබෙන්න ගිය දඬුවම - පණ බේර ගන්න දුවද්දි තවත් රහසක් එළි වෙයි

වැලිගම ඝාතන සැකකරුවන්ට සොබාදහමෙන්ම ලැබෙන්න ගිය දඬුවම - පණ බේර ගන්න දුවද්දි තවත් රහසක් එළි වෙයි