ජීවිතයයි මරණයි අතර සටන් කරපු ඉන්දීය පිතිකරු ශ්‍රෙයාස් අයියර් රෝහලෙන් පිටව යයි
ඉන්දීය මැදපෙළ පිතිකරු ශ්‍රෙයාස් අයියර්, තරගයකදී අනතුරකට ලක්ව රෝහල්ගත වූ පසු ප්‍රතිකාර ලබා අද (01) රෝහලෙන් පිටව ගොස් තිබේ.
පසුගිය මස 25 වැනිදා සිඩ්නිහිදී ඔස්ට්‍රේලියාව සමග පැවති දෙවැනි එක්දින තරගයේදී උඩ පන්දුවක් රැකගැනීමට උත්සාහ කරමින් ඇද වැටීමෙන් ඔහුගේ ඉළඇට කිහිපයකට හානි සිදුවිය. එම හේතුවෙන් ඇතිවූ අභ්‍යන්තර රුධිර වහනය නිසා ඔහු සිඩ්නි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි.
සතියකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබාගත් ඔහු අද රෝහලෙන් පිටව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත්, තවදුරටත් ප්‍රතිකාර සඳහා සිඩ්නිහිම රැඳී සිටින බව ද වාර්තා වේ.