මහ පාරේ සද්ද දාපු බොරු SDGIගේ නංගි රිමාන්ඩ්

Report

ගම්පහ රථවාහන පොලිස් නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කළ කාන්තාවක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ (SDIG) සහෝදරිය බව ව්‍යාජ ලෙස ප්‍රකාශ කිරීම නිසා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොවැම්බර් 3 දක්වා රිමාන්ඩ් කෙරිණි.

කොටුගොඩ - උඩුගම්පොල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමඟ ආරවුලක නිරත වන වීඩියෝවක් සමාජ මාධ්‍යවල වෛරල් වීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

මම අහවලාගේ නංගි කියලා පොලීසියට පාට් දාපු කාන්තාව ගැන පොලීසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්

මම අහවලාගේ නංගි කියලා පොලීසියට පාට් දාපු කාන්තාව ගැන පොලීසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්

මෝටර් රථය පදවාගෙන යන ඇය පොලිස් නියෝග නොසලකා පලාගොස් උඩුගම්පොල හන්දියේදී නවත්වා ආරවුල ඇති කළ අතර, පසුව මිනුවන්ගොඩ පොලිස් හන්දියේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඇයගේ SDIG සහෝදරිය බවට තිබූ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විමර්ශනවලින් තහවුරු වී ඇත.

මම රන්මල් කොඩිතුවක්කුගේ නංගි දෙනවා මගේ ලයිසන් එක - පොලිසියත් එක්ක මහපාරේ පොරබදයි

මම රන්මල් කොඩිතුවක්කුගේ නංගි දෙනවා මගේ ලයිසන් එක - පොලිසියත් එක්ක මහපාරේ පොරබදයි

භයානක රිය පැදවීම, පොලිස් උපදෙස්වලට අකීකරු වීම සහ රාජ්‍ය සේවකයන්ගේ රාජකාරිවලට බාධා කිරීම යන චෝදනා එල්ල වී තිබේ.

අද (01) අධිකරණයට ඉදිරිපත් කළ ඇය නොවැම්බර් 3 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි 

රු. කෝටි 1590ක් පාඩුවූ නඩුවට - ජනපති අනුරට උසාවි යන්න වෙලා..

රු. කෝටි 1590ක් පාඩුවූ නඩුවට - ජනපති අනුරට උසාවි යන්න වෙලා..