මිත්තනිය ඝාතනය කළ 13 හැවිරිදි ළමයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට

Report

අමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේදී සිය මිත්තනිය ඝාතනය කළ  ළමයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඝානතනය ලක් වූ 68 හැවිරිදි මිත්තනියගේ මළ සිරුර ඇය පදිංචිව සිටි නිවසේ තිබී සොයාගත් බවයි.

තවද මෙම ඝාතනයට සැකකාර දරුවා වයස 13 ක් පමණ කුඩා දරුවෙකි 

මෙම   දරුවා   අසල පිහිටි කැළෑබද ප්‍රදේශයක සැගවී ඇති බව වාර්තා වෙයි.

ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් වෙත පහරදීමක් සිදු කර ඇත.

ඉන් පසු එක් නිලධාරියෙකු විසින් මෙසේ වෙඩි තැබීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

උතුරු කැරොලිනා ප්‍රාන්ත විමර්ශන කාර්යංශය විසින් මෙම සිදුවීම පිළිබදව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය සදහන් කරයි .