ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ගිය කාන්තාවක් කොකේන් එක්ක මාට්ටු

By Kanchana Nov 01, 2025 11:11 AM GMT
Report

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපොළට පැමිණි ගුවන් යානයකින් පැමිණි කාන්තාවකගෙන් ඉන්දීය රුපියල් කෝටි 47 ක පමණ වටිනාකමක් ඇති කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගන ඇත.

එම අදාළ කාන්තාව කොකේන් කිලෝග්‍රෑම් 4.7 ක තොගයක් ගමන් මල්ල තුළ සඟවා තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය ආදායම් බුද්ධි අධීක්ෂණ අංශය ලබාගත් තොරතුරක් මත විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කොට මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මේ මාසේ ඉඳන් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

මේ මාසේ ඉඳන් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

ඒවගේම අදාළ මත්ද්‍රව්‍ය තොගය ලබා ගැනීමට පැමිණි සැකකරුවකු ඇතුළු තවත් පුද්ගලයින් සිවු දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

තවද ඉන්දීය ආරක්ෂක අංශය  කාන්තාව ඇතුළු සැකකරුවන් පහ දෙනා ජාත්‍යන්තර මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බව සැකකරනු ලබයි .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණ ක්‍රියාත්මක කරනු ලබන බවද මාධ්‍ය වාර්තා කර ඇත.

කෙහෙල්බද්දර රන්ජන්ට ඊයේ ගයත්‍රී ඩයස් හමුවුණාලු - ඒ පාර මේ මොකද?

කෙහෙල්බද්දර රන්ජන්ට ඊයේ ගයත්‍රී ඩයස් හමුවුණාලු - ඒ පාර මේ මොකද?