එල්නිනෝ තත්ත්වය ලබන වසරේ මුල් කාර්තුව දක්වා තවත් දිග්ගැස්සෙන ලකුණු

Report

දැනට පවතින එල්නිනෝ කාලගුණ සංසිද්ධිය ලබන වසරේ මුල් කාර්තුව දක්වා පැවතීමේ සම්භාවිතාව 97%ක් දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී වර්ෂාපතනය අඩුවීමත් සමඟ උෂ්ණත්වය ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා සඳහන් කළේ, ඉදිරි කාලයේදී උෂ්ණත්වය මිනිස් සිරුරට දරාගැනීමට අපහසු මට්ටමකට ඉහළ යාමේ හැකියාවක්ද පවතින බවයි.

එමෙන්ම, ලබන මාසයේදී උතුර, නැගෙනහිර, උතුරු මැද සහ මොනරාගල ඇතුළු ප්‍රදේශ කිහිපයක වැසි රහිත කාලගුණ තත්ත්වයක් අඛණ්ඩව පැවතිය හැකි බවද ඔහු සඳහන් කළේය.

එල්නිනෝ තත්ත්වය ලබන වසරේ මුල් භාගය දක්වා පැවතීම සම්බන්ධයෙන් ගෝලීය පුරෝකථනවලින් ඉහළ සම්භාවිතාවක් පෙන්වා දෙන බවද අජිත් විජේමාන්නගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මුහුදු යන අයට කාලගුණයෙන් රතු එළියක් - තද සුළං සමඟ මුහුද රළු වෙයි

මුහුදු යන අයට කාලගුණයෙන් රතු එළියක් - තද සුළං සමඟ මුහුද රළු වෙයි

සුභ ආරංචියක් - මෝටර් රථ ආනයනයට අදාළ බදු වලින් ලංකාවම ගොඩ යයි

සුභ ආරංචියක් - මෝටර් රථ ආනයනයට අදාළ බදු වලින් ලංකාවම ගොඩ යයි