800 එන්න ඔන්න මෙන්න තියලා හැමෝම ඉදිරියේ මුරලි කීව කතාව..
ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභියා වන්නේ මුත්තයියා මුරලිදරන් ය.
ඔහුගේ ජිවිත කතාව අලලා සැකසුණු ''එයිට් හන්ඩ්‍රඩ්'' චිත්‍රපටය ඔක්තෝබර් 6 වනදා ලොව පුරා තිරගත විමට නියමිතයි.
අද (21) පස්වරුවේ කොළඹ දී එම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ දී ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්විණ.
එම අවස්ථාවට මුත්තයියා මුරලිදරන් මෙන්ම හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මෙන්ම අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් කුෂිල් ගුණසේකර යන මහත්වරුන් ද ඇතුළු පිරිසක් එක්ව සිටියේ ය.
එහිදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පැවසුවේ මෙවැන්නකී,
"මම ඉස්සෙල්ලාම ස්තූති කරන්න ඕනේ අර්ජුන අයියාට.ඒ කාලයේ ඉඳන්ම මාව තාත්තෙක් වගේ තමයි බලාගත්තේ.
එයා හිටියේ නැත්තම් කඩුළු හෝ මෙතන ඇවිල්ලා කතා කරන්න පුළුවන් තත්ත්වයක මම ඉදියි කියලා හිතන්නේ නැහැ.එක කැප්ටන් කෙනෙක්වත් ඒ වගේ කරලා නැහැ.කරන්නත් බැහැ.
ඇමතිතුමාට මං ස්තූතිවන්න වෙනවා.. මේ චිත්‍රපටය සිංහලෙන් පෙන්නන්න දුන්නට..
මේ රටේ ඉන්න ඔක්කොම සිංහල මිනිස්සු මට ආදරය කළා.ඒ වගේම මට හුගාක් උදව් කරලා තියෙනවා.මේ චිත්‍රපටය අනිවාර්යයෙන් ඒගොල්ලෝ සිංහලෙන් බලන්න ඕනේ.."
කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය ද්‍රවිඩ භාෂාවෙන් ඉන්දියාවේ දී නිර්මාණය කර තිබෙනවා.
මෙම සිනමා පටයට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ නළු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය සපයනවා.