උත්සව සමයේ වැඩි වැඩියෙන් ඕනම කරන, බිත්තර ගැන උදේන්ම ඇහෙන ආරංචිය මොකක්ද දන්නවා ද?.

Report

අද (18) සිට ආනයනික බිත්තර මිලියන 10ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

උත්සව සමයේ වැඩි වැඩියෙන් ඕනම කරන, බිත්තර ගැන උදේන්ම ඇහෙන ආරංචිය මොකක්ද දන්නවා ද?. | Eggs Price In Sri Lanka

ඒ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතවයි.

අද සිට ලංකා සතොස ආයතනය වෙත එම බිත්තර තොගය බෙදාහැරීමට නියමිත බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පැවසීය.

ඒ අනුව කිසිදු හිගයකින් තොරව සතොස අලෙවිසැල් ජාලය හරහා උත්සව සමයේ දී ජනතාවට බිත්තර මිලදී ගැනීමට හැකිවනු ඇති බව වාර්තා වේ.

එමෙන්ම, තවත් ආනයනික බිත්තර මිලියන 15ක් මෙරටට රැගෙන ඒමට නියමිතයි. 

එම තොග ද, තත්ත්ව පරීක්ෂණ කටයුතු සඳහා කඩිනමින් යොමු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, අදාළ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව එම බිත්තර තොග ද සතොස අලෙවිසල් ජාලයෙන් මෙන්ම තෝරාගත් සුපිරි වෙළෙඳසල් කිහිපයක් සඳහා බෙදා හැරීමට නියමිතයි.

උත්සව සමයේ වැඩි වැඩියෙන් ඕනම කරන, බිත්තර ගැන උදේන්ම ඇහෙන ආරංචිය මොකක්ද දන්නවා ද?. | Eggs Price In Sri Lanka

මේ අතර, පසුගිය සමයේ ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර සතොස සහ සුපිරි වෙළෙඳසැල් ඔස්සේ රුපියල් 35ක මිලකට පාරිභෝගිකයා වෙත ලබාදීමට කටයුතු කළේ ය.

නමුත් මේ වන විට එනම් උත්සව සමය එළැඹීමත් සමඟ ක්‍රමයෙන් දේශීය බිත්තර මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව පසුගිය සමයේ රුපියල් 37ක පැවති දේශීය බිත්තර මිල මේ වනවිට රුපියල් 65 සීමාව ඉක්මවා ඇත.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ උත්සව සමය වෙනුවෙන් බිත්තර මිල පහළ දැමීම සඳහා තවදුරටත් බිත්තර ආනයනයට අවසර දෙන බවයි.

වැඩිදුර තොරතුරු පහතින්,

බිත්තර මිල දැනෙන ගාණකින් අඩු වෙයි - හැබැයි ලබා ගත හැක්කේ මෙහෙමයි..

බිත්තර මිල දැනෙන ගාණකින් අඩු වෙයි - හැබැයි ලබා ගත හැක්කේ මෙහෙමයි..